Home/Songs/සඳ කිඳුරා මිය ගියා

සඳ කිඳුරා මිය ගියා

Sanda Kindura Miyagiya

Font size:
සඳ කිඳුරා මිය ගියා
ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා
අවසන් කටයුතු කලා

ගමේ නාඩ ගම් පොලේ
කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්නට
කෙලොම් තොටට ඉගිලුනා
කණ කෙකිණිය ගමට ඇවිත්
ඇඩුවා නුඹ ගැන කියා

වෙල් දෙනි ඕවිටි පුරා
තනිවම සී පද කියා
තනිව හිටිය කින්නරා
ලය දැදුරව මිය ගියා
කණ කෙකිණිය හඩන්නෙ නැ
ඇහේ කඳුලු නැති නිසා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.