Font size:
කෑ ගසා පවසාවි හිරුට හැකි වේ නම් සිය ඇසින් දුටු දේ ඉකි ගසා මුමුණාවි මිතුරු වන සියතොන් යෙහෙළියට වූ දේ දුගී ලිප ළඟ වේල සරිකර කඩපලකදී අළුයමින් අඳුරු ළඳු මග ගෙවා අකුරට දිවූ මුව පැටව් කුරා කුහුඹුවකුටවත් වරදත් නොකල දියණියණේ නුඹට සිදු වූ දේ යහළු පත් බිඳ කුරුළු නෙත් සිඳ දැමූ අසරණ අඩවියේ රුදුරු නොමිනස් දැලක සිරවී හැඬූ අසරණියේ අතු පැලේ පණ නලයි සිඳුණේ දිරිය දියණියනේ නුඹට සිදු වූ දේ
Singers
Data
Last updated May 2026