ට්‍රින්කෝමලී කෙල්ලේ
Trincomalee Kelle
Music: මේරියන්ස් Lyrics: මනුරංග විජේසේකර
Font size:
හැඩයි නටයි ගොඩයි තමයි (ට්‍රින්කෝමලී කෙල්ලේ හැඩයි නිලාවේලි වැල්ලේ නටයි නටයි නටයි වැල්ල දිගට සිප්පි ගොඩයි සිප්පි ගොතා බෙල්ලේ දමයි දමයි දමයි......//) කෝනේෂ්වරම් වැඳ ගත්තා ඇයවම ඉල්ලා භාර වුණා චීන වරායේ වැටියට වීලා චීන පටස් අපි පත්තු කළා චීන්නු එනකං හූ කිව්වා....... හැඩයි නටයි...... කුලකුම තිලකේ ලස්සන දැකලා බිත්තර හිත තුළ තැම්බෙනවා කින්නියා ළිඳේ රස්නය පරදා ආදරේ පපුවේ උතුරනවා ඇගේ නම උගුරේ හිර වෙනවා....... හැඩයි නටයි...... සිංදූර් අරගෙන මං එනවා ඉඳින්න දෙවඟන රට වටිනා වඩින්න කොළඹට හිත සනසා පංච වර්ණ සළු ගත දවටා කවිත් බෙරේ පද රට නලවා...... ට්‍රින්කෝමලී කෙල්ලේ......