Home/Songs/කිරුළ

කිරුළ

Kirula

Music: පසන් ලියනගේ Lyrics: උමා අසේනි
Font size:
කඳුළු හා එතී සුසුම් පාවෙතී
සිහින ඉහිරුණු එක්ටැම් ගේ පුරා
පෙමක් ඉකිබිඳී හිතින් ලතවෙවී 
සොඳුරු උරුමය නිහඬව කුස දරා

නුඹේ වගක් පවසන්න බැරී
සොඳුරු රුවැති නුඹ මටයි හිමි
පෙමක් වසන් කල හැකිද සකී
ලොවට පෙමට බැමි බඳිනු බැරී

කිරුළ අපේ පෙම් රජ දහනේ
හිමියනි මා තුරුළට ආවේ
මල් පාවඩ අතුරා නෑ මාවතේ
පය පරිස්සමින් මේ දිවිගමනේ

වැටෙන හුස්ම සේ රකින් පුතු මගේ
ගමන කෙලවර දුටුවොත් හෙට මගේ
කැකුළු මල අපේ අරන් යනු මැනේ
නපුර නොපෙනෙන තැනකට හිමියනේ

මංගල තැලි පට සේල නැතී
දිළිඳු පෙමකි ලොව කියනු ඇතී
ඒ පෙමින් උපන් මිණි කිරුළ සරී
මල් කැකුලට නු⁣ඹෙ සුවඳමයි හිමී
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.