ගමන නොනිමෙයි ලෝකයේ
Gamana nonimei lokaye
Music: ආර් මුත්තුසාමි Lyrics: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
Font size:
ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මං තලේ // වැටෙන මල් පෙති පාවුණාවේ සුළං රැළි ඔහෙ යන අතේ යළිත් ගහ කොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මං තලේ ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ කොහේද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී අපේම සිරුරේ අපේම දහදිය නිවී නිවී යයි සුළං වැදී ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මං තලේ ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ ගලා බසී දිය පහර සෙමින් වැලි තලා සදා සමතලා බිමේ හැපී ගලක යළි සලා වැටුම් දී නගා නගා හඬ දිවේ දිවේ ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මං තලේ ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ
Singers
Data
Last updated May 2026