Home/Songs/ආරොන් මාමා වයසක මිනිහෙක්

ආරොන් මාමා වයසක මිනිහෙක්

Aron Mama

Font size:
ආරොන් මාමා වයසක මිනිහෙක් ඉපදුණ අපෙ ගම්මානේ
මිනිහගෙ ජොබ් එක කේලම් කීමයි තැන තැන කඩපිල් ගානේ
නිතරම හීනෙන් බයවෙල වාගෙයි ලේ කඳුලක් නෑ මූණේ
දවසක් දා කළ වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ

රටේ තොටේ වග තොරතුරු හොය හොය දවසක් ගම වට ඇදුණා
සාතන් අප්පුගෙ ගේ ළඟදී පොඩි කලබලයක හඬ ඇසුණා
මිනිහ දඬු පඬු ගහලා බිත්තිය අයිනට දුව පැන්නා
ජර මර සද්දෙට කණ දීගෙන උන්නා

ගහපිය මරපිය ඔළුවට කොටපිය පාළි සංස්කෘත කිව්වා
සාතන් අප්පුගෙ කොළුවා දුව පැන යකඩ පොල්ලකුත් හෙව්වා
කිසි සැකයක් දැන් නැහැනේ මිනිහෙක් මැරුවා වාගෙයිනේ
මුළු ගමටම අණබෙර ගහමින් දිව්වා

සාතන් අප්පූ මිනිහෙක් මැරුවා ආරොන් ඩොලාට කිව්වා
ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට ජොසීල ඇගීට කිව්වා
ගමම කුලප්පුව දිව්වා සාතන් අප්පුව හැම හෙව්වා
කඩු පොලු අරගෙන ගෙය වැටලූවා

කාවද මැරුවේ කියපිය කියලා සාතව අල්ලල ඇහුවා
මිනිහා හිනැහී මරාපු පොළඟෙක් ගෙයි මැද සාලෙන් තිව්වා
ඔළුවට ගැහුවේ මූගේ මූ හිටියේ ඇඳ යට මාගේ
ගැහි ගැහි කුකුළෙක් වාගේ ආරොන් පැනලා දිව්වා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.