Font size:
හිනිපෙත්තටම නැග ජය පෙන්නා ජය නාදේ පෑවත් ලොව හොල්ලා පෙර කාලේ තරු වෙත හද බන්දා නව රැල්ලේ තරු අද ජය ගන්නා...// ගාමිණි මල් මාලිනි රන් පෙම් කළා බයිස්කෝප් හොල්ලන් රුක්මණි නම් මත් කළා සිත් බොක්ස් ඔෆිස් වාර්තාව කැන්දන් ජෝ ගේ රැස් ගීතාගේ ඇස් විජේගේ ප්‍රේම හාදු මල් මල් ෆ්‍රෙඩී මානෙල් එඩී ලිලියන් කවී අයියත් එක්කලා මැගී සෙල්ලන්... හැන්ඩි කොල්ලන් චණ්ඩි කෙල්ලන් සති ගණන් පෙමින් බැඳිලා ඉන්නයි හින්දි සින්දුයි ස්පයිකි කොණ්ඩෙයි කෙල්ලෝ දැන් බීච් පාටි ඉල්ලයි මේ පපරේ සද්දෙට බයිලා බසක් බසක් කොල්ලෝ පදියට ආවා වරල පද්දා නිතඹ ගස්සා කෙල්ලෝ ගතියට ආවා... හිනිපෙත්තටම..... ජෝති මිල්ටන් කැරන්ස් එම් එස් ගැයූ ඒ ගීත රාව රන්වන් ඇන්ජලිනගේ ගීත මන්මත් සුජාතා ලතා කෝකිලාවන් C.T ෂෙල්ටන් පෑව විස්කම් නෑ මැකී අදත් පාවී විස්කම් තාරකාවන් තේජ පාමින් අපේ හදවත් මත් කළා සදා කාලෙන්... හැන්ඩි කොල්ලන්... හිනිපෙත්තටම.....