එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් - eda tharam mage sithe
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් - eda tharam mage sithe
Font size:
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක් සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක් පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක් සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද ඔබ මා ළඟ සිට ගත්තේ කොයි පැත්තෙන් පාවෙලාද අක්කා අයියා නංගි මල්ලි මැද මගේ සිත ගොළු වුණාද දෙනෙත් වලින් මා පැවසූ රහස ඔබට වැටහුණාද එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක් සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක් පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක් මුව කමලේ විසිතුරු දෙක ඔබ මා හට හිනැහුණාද මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුම් සුසුමක් ගියාද හෙට හවසත් මා එන තුරු මග බලමින් ඉන්නවාද සැණකෙළියේ අපේ පැතුම් ඉතිරී පැතිරී ගියාද එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක් සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක් පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක්
Singers
Data
Last updated May 2026