Font size:
සඳු නිදාගන්න එපා අහසේ තරු මම ගණිනවා හිරු අවදිවන්නට එපා පිච්ච මල් මම නෙළනවා // මුතු පින්න මගෙ ගතට වැටෙනවා සුසුම් වැල් මල් සුවදේ දැනෙනවා තරු එක්ක පිච්ච මල් පෙමින් බැදෙනවා ජීවිතේ හිමිදිරිය වාගෙ මට දැනෙනවා සඳු නිදියන්නට එපා ..... බටනලා හඩ දුරින් ඇසෙනවා පාළු පැල අදත් අත වනනවා පුංචි පුතු අවදි වී කිරි සිනා ඇසෙනවා පිච්ච මල් වට්ටියට කඳුළු පැන් වැටෙනවා සඳු නිදියන්නට එපා .....
Singers
Data
Last updated May 2026