Home/Songs/සඳ කිනිති නැමී විල් දියට එබී

සඳ කිනිති නැමී විල් දියට එබී

Sanda Kinithi Nami Vil Diyata Ebi

Music: ලක්ශ්මන් විජේසේකර Lyrics: යමුණා මාලනී පෙරේරා
Font size:
(සඳ කිනිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ...//)

(සසල නොවී විල තිබෙන තුරා
දිලෙයි සඳ දියට යටින්...//)
සසල වෙලා දිය කැළඹුනු දා
බිඳෙයි සඳ කැබිලි පිටින්

සඳ කිනිති නැමී....

(සසල නොවී ඔබ හිදින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්...//)
සසර පුරා සැරිසරන තුරා
බලමි ලොව ඔබේ නෙතින් 

සඳ කිනිති නැමී....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.