Home/Songs/නොතැවෙන් සූරියකාන්තා

නොතැවෙන් සූරියකාන්තා

Nothawen Suriyakantha

Font size:
නොතැවෙන්  සූරියකාන්තා - සූරියකාන්තා
නොහඩන් සූරියකාන්තා - සූරියකාන්තා
 
සූරිය නාමෙන් නම ලදිමි  - සූරිය වත මෙන් රුව ලදිමි
සූරිය පැහැයෙන් සළු ලදිමි - සූරිය කුමරුනි ඔබ පතමි

පිනි මල් ගගුලෙන් මුව දෝවන්නී - මිහි මත රන් සළු පිළි පළඳන්නී
සූරිය මල නුඹ තවම තැවෙන්නී - හිනැහෙන්නයි මා දවස ගෙනෙන්නී
නෙළුම් විලේ නැත ඔබෙ ළන්දූ - සුවඳ කුළේ නැත ඔබෙ ලන්දූ
කොපමණ තැවුනත් ඔබෙ ළන්දූ - මා නොවෙදෝ ඔබ දිනු ළන්දූ

අහස පොළව කෙදිනද හමු වෙන්නේ - මලකට හිමිකමි කෙලෙස පුදන්නේ
ලොව මෙහෙවර මගෙ උරුමය වන්නේ - මා එන පෙර මග බලා සිටින්නේ
නෙළුම් විලේ නැත ඔබෙ ළන්දූ - සුවඳ කුළේ නැත ඔබෙ ලන්දූ
කොපමණ තැවුනත් ඔබෙ ළන්දූ - මා නොවෙදෝ ඔබ දිනු ළන්දූ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.