ඉරබටු තරුවට ඉඟි බිඟි කර කර
Irabatu Tharuwata Igi Bigi
Font size:
ඉරබටු තරුවට ඉඟි බිඟි කර කර සල් මල් ලන්දට සඳ පායනවා ඇසිපිය නොවැටෙන නෙත් යුග දැකදැක සුදු සඳ රැස්වන් කතා වියනවා සල් සල් සල් මල් ලන්දක මනකම් ඇයි මෙතරම් සිත බැඳුනේ මල් මල් තරු මල් අහුරක සැඟවී සඳ කිදුරා නිදියන්නේ කතරේ පින් බිම සොයමින් යනදා නොසැලෙන චන්දා සවියේ මිරිගුව දැක දැක දිය බිදු පතරින් නාඩන් කින්නරාවියේ තනිවුනු බිලිදුගෙ සිහිනය සැතපී කිරිකඳුලක් වෙන්නම් සරතැස නිවනා පවනක් විලසින් යන මග සෙවනක් වී ඉන්නම් පෙමක මිහිරි සුව කීවත් උඩුසිත අරමුණ ඈතක බැඳුනා යසෝදරාවකි නුඹ මට ලඳුනේ සසර පුරා ළඟ හිඳිනා
Singers
Data
Last updated May 2026