මල් නටු වැනි පොඩි දෑත දෙපා සලන පුතන්ඩී
Mal Natu Weni Podi Daatha Depa Salana Puthandi
Font size:
මල් නටු වැනි පොඩි දෑත දෙපා සලන පුතන්ඩී මගෙ අතට වෙලා ඇයිද පුතා මේ හැටි චංඩී විසිතුරු කෙලිබඩු නැතුවට පොල්කටු බෙලි කටු අරගෙන සුර කුමරුන් නොදකින සුරලොව වදිනවා සව් සිරි නොපතා සෙනෙහෙ පතා සුරතල් වෙනවා මල් නටු වැනි .... විදියට කිසිවෙකු නොදන්න අමුතු කතාවක් කියන්න ඇඟිල් තුඩින් වැලි පොළවේ අකුරු ලියනවා පොඩි ටිකිරි මුවින් බොලඳ වදන් වැල් ගිලිහෙනවා මල් නටු වැනි .... දුක දුරුකර දෙවියෙකුසේ බිය පලවා විරුවෙකු සේ රට දැය සමයට එක සේ අත හිත දෙන්නයි එක පැතුම මෙදා පුතු මතුදා මිනිහෙකු වෙන්නයි මල් නටු වැනි ....
Singers
Data
Last updated May 2026