මායම්කාරි
Mayamkari
Music: උදය ශ්‍රී වික්‍රමසිංහ Lyrics: උදය ශ්‍රී වික්‍රමසිංහ
Font size:
මායම්කාරි මාගේ මායම් දැල් එලා මේ කෝලම් අඩි තබාලා සායම් හීනෙකින් මා සිත්තම් කර දමලා වන්නම් නට නටාලා හර්දේ මා මාළිගාවේ දැන් රඟන්නී තමා මා දෑස මන් මත්වෙලා ආයේ මා ස්වප්න සාගරයේ සරන්නී තමා ආලේම වත්තම් වීලා සත්තම් සෙනෙහෙන් හනික ගෙත්තම් කරමින් ශෘන්ගාරේ මා ගිල්වාලා සින්නක්කරමින් හාදු වැස්සක් ඉසිමින් නුරා ගින්නේ දමාලා මා පෙම්බැඳි විසෙන්තී පෙන්නා රන් සරාගී බැල්මන් තව හෙලන්නී කෝලව ගී ගයන්නී අනුරාස්වර වයන්නී බන්ධන කර පෙළන්නී සැංගී මා ළයතුරේ හද කිතිකවන්නී තමා මා පපුතුරම කලඹාලා පන්නා මා කල් බලා එසැණින් සොයන්නී තමා දෑතේ මගේ සතපාලා සත්තම් සෙනෙහෙන්... RAP : නිතඹ සලන රැඟුම දැක්වනම ගැස්සිල සලිත වුණු මගෙ හදම ගින්නක සට සටම ගාලා දැන් දැවෙන අන්දම දරුණුවටම දැනෙන ලෙසටම රාගය වැක්කෙරෙන දෑසම නේදෝ ශෘන්ගාරේ උතුරා යන තොල්පෙති නේදෝ සර්වාන්ගය දවන යාමය නේදෝ මේ දැන් ගන්න මා තුරුලට ළමැදේ සුව කෝ ඉඟි බිඟි පෑ ලෙසට කෝලම කළ දෙසට කිංකිණි මිණි හඬට වැදුනා මගෙ හිතට ඉක්මණ්කරගන්නට දෑතම ගෙන කරට හනිහනිකට වැළඳ කැන්දන් දැන් යන්නට දිවියම වසඟයට දැන් ගන්නවදෝ අනුරා අඩව්වෙන් මා සිරකරනවදෝ පෙම් බැම්මෙන් ගැලවෙන්න බැරිවම යයිදෝ මා දැන් මායම්කාරී බව දැනගෙන හසුවෙයිදෝ මායම්කාරි මාගේ.... සත්තම් සෙනෙහෙන්...//