Font size:
දන්සැල් දොරෙහි නැත යදියෝ සල්පිල්වලය පුරවැසියෝ පන්සිල් රකිති මැරවරයෝ මේ කේතුමතී නුවරයි මේ කේතුමතී නුවරයි.... නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක් දකිනු නොහැක ලේ බිඳුවක් නොමළොත් මකුණෙක් මදුරුවෙක් මල බැඳුනු ගිනිදණ්ඩේ දැල් බදිත් මකුළු සේනා වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරුවති අහෝ රතිඤ්ඤා මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා.... දස රද දම් නිමිති පැවතී නර පති ඇමති වඩන රුතී සත වෙත පතල මෙත සදතී මේ කේතුමතී නුවරයි මේ කේතුමතී නුවරයි..... රැකෙයි අකුරට නීතිය -දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති වී ඇත -නැත අක්රමිකතා වැඩෙයි සුහදතා-සුන්දරතා-සුවතා අහෝ සැපයි සැපයි - මෙපුර විසුමනම් මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා..... කියමින් නිබඳ ගී මියුරූ දකිමින් අවට රූ සොඳුරූ සතුටින් රඟති මේ නුවරූ මේ කේතුමතී නුවරයි මේ කේතුමතී නුවරයි..... නැත මුදලේ වටිනාකම් බුහුමන් කරත් ශිල්ප ශාස්ත්‍රයටම නැත පවුල්වාද- පිල් බේද,-කුල වාද- දෑ වාද නැත බදු බර-පවුල් බර- ජීවන බර මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා…// දන්සැල් දොරෙහි …
Singers
Data
Last updated May 2026