Home/Songs/මුහුදේ යමු

මුහුදේ යමු

Muhude Yamu

Font size:
මුහුදේ යමු මසුන් මරන්න 
දියඹේ ඔරුව දියත් කරන්න 
'අඹු දරු රැක ගන්න අපට 
මාළු ලබා දෙන්න දෙවියනේ...අප රැක ගන්න'...//

වාරකන් නිසා වෙරළේ අඬ අඬ ඉන්න 
දරු පවුලත් දමා යනවා මසුන් ගෙනෙන්න 
මොකුත් නොදන්නා උන්ගේ දිවි රැකගන්න 
අපට ලැබෙයි යහතින් එන්න
මුහුදේ යමු.../

තද සුළං හමන්නේ සැර විදුලි කොටන්නේ 
සට සට ගාලා ගෙඩි පුපුරන්නේ 
රැල්ල නැගෙන්නේ ඔරුව හැපී බිඳෙන්නේ 
ඔරුවේ රුවල ඇකිලී යන්නේ 
මුහුදේ යමු.../

භයානකයි මුහුදේ යන අපේ ජිවිතේ 
දිය රකුසා බලා ඉඳි යන එන පැත්තේ 
දිය රැලි මැද්දේ ඔරුව සැලෙයි දෙපැත්තේ 
උදව්වකට කෙනෙක් නොමැත්තේ

මුහුදේ යමු.../

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.