Home/Songs/වැටෙන් එහා මල් පදුරේ

වැටෙන් එහා මල් පදුරේ

Waten eha mal padure

Font size:
වැටෙන් එහා මල් පදුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ ..//
මිලින උනත් ගණ අදුරේ 
මල් නෙලන්න නම් තහනම් ..//
	
සුවද ඇදෙයි මුළු ලොවට හොරෙන් 
නොවසා ඇති දොර කවුළු තුලින් ..//
සුවද දිදී සුවද දිදී තිබුනත් මිදුලේ 
මල් නෙලන්න නම් තහනම් ..//

වැටෙන් එහා මල් පදුරේ ..../

තෙමුනත් දෙකොපුල් උණු කඳුලින් 
අසුනත් කෙඳිරිය මුදු මුවගින් ..//
පිපුන නිසා පිපුන නිසා අන්සතු උයනේ 
මල් නෙලන්න නම් තහනම් ..//

වැටෙන් එහා මල් පදුරේ .../

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.