Home/Songs/නුඹ දැක මගෙ සිත බැදුනා කිසිදින

නුඹ දැක මගෙ සිත බැදුනා කිසිදින

Nuba Daka Mage Sitha

Font size:
නුඹ දැක මගෙ සිත බැදුනා කිසිදින
නොසැලෙන ලෙස මුතු මැණිකේ 
නුඹත් හරි මට පනත් හරි
කිසි වෙනසක් නෑ මගෙ මැණිකේ 

රජ සැප කුමටද උබ නැතිදා
රජ බිසවකි මට නුඹ සොදිනා
නවම් මහේ සුභ නැකත් බලා
කරකාර බදින්නට සිතුනා

කුසුමන් නෙලලා මල්කම් ගොතලා
ඔබෙ හිස ගවසන්නම්
රතු මල් ඉහිරුනු චීත්තයක්ගෙන
බද වට දවටන්නම් 
බද නලවන් ලැසි ගමනට ඔබගේ 
කවි පද ලීවේ මං
සුමුදුලියේ සුකුමලියේ
කවි පද ලීවේ මං

කුරහන් පැහිලා රන්වන් පාටින්
සුලගේ ලෙලදෙනවා
නුඹ කැන්දාගෙන එන දින ගැන ගැන 
හද විකසිත දෙනවා
ඇල් හේනේ පොඩි පැලක් තනාලා
නුඹ එහි සතපනවා
මගේ පැලේ අග රැජිනියවී
සිරිකත ගෙන දෙනවා.

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.