අම්මා
Amma
Music: රාජ් තිලයියම්පලම් Lyrics: මනුරංග විජේසේකර
Font size:
තුරුපත් සැලෙනා සිසිලේ නුඹ පියමැන්නා සුවසේ ඇස් දෙක වැසෙනා මොහොතේ... නුඹ ලඟින් මගේ තුරුලු වෙන්න ආසයි නුඹගේ සුවඳ දැනෙන හද පතුලේ අකුරු තුනක සැඟවූ නුඹගේ අපිරිමිත සෙනේ... අම්මා නුඹ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ අම්මා නුඹ දෑස මානේ ලෝකයයි මගේ වැටෙන කඳුළු මුතු කරවා මාගේ ලොව සදා... අඳුර වැටුන බියද දැනෙන මාවතෙන් මුදා... යන්න පුතුනි මඟ මෙයමයි ආදරෙන් කියා... ලොවම දිනන දෙස බලලා නුඹ සිතින් රජ වුනා... අම්මා නුඹ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ අම්මා නුඹ දෑස මානේ ලෝකයයි මගේ දැවෙන සසරෙ යලි කිසි දා හමුවන්න එපා... යලිත් දිනෙක හමුව මෙලෙස යන්න යන නිසා... සිතට දැනෙන මේ දුක නිම් නැවත මට එපා... අම්මේ නුඹ සෙනෙහස නැතිදා දුකද නෑ නිමා... අම්මා නුඹ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ අම්මා නුඹ දෑස මානේ ලෝකයයි මගේ තුරුපත් සැලෙනා සිසිලේ....