Home/Songs/වඩු වැඩෙන්

වඩු වැඩෙන්

Wadu Waden

Font size:
වඩු වැඩෙන් දිවි රකින - බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මං
කිසිම හැඩක් නැති මෙලීය - අරගෙන මං කරන දිරිය
කපල කොටල ඉරල මැනල - හදන ලී බඩූ

තේක්ක බුරුත  නැදුන්  කරුවල ලෑලි - ගෙනල්ල සෑදූ බඩු කාගෙත් මනලෝලී
හිටි පුර ලිය මල්කම් කැටයම් පේළී - දමාපු අල්මාරිද හොඳ බඩු මේ ලී

පුටු සදන් හිත් දුකීන - කද බැඳන් බරට ගේන  - ගොළඹ ගෙන යමී
එහිදි මගෙ පුටු සියල්ල - විකිණුනොතින් මෙමට ලොල්ල
මගේ මූණ සිනා රැල්ල - වැඩි වෙලා යති

කියත ද යතු කැටය ද නියන ද බුරුමේ - යොදාල සැදු ලී බඩු පෙන්නයි අරුමේ
වඩු වැඩ රැකියාවකි ගරු සරු  ඇති මේ - මොරටුවෙ ඉපදුන අප සැම ලද උරුමේ

දැන් ඇත බැලු බැලු  තැන රට හැම පැත්තේ - පිට රට වලට පවා යවනව ඇත්තේ
තියනව කල් පැවැත්ම ඉහළම තත්තේ - ඒකයි මෙහෙ ලී බඩු මුල් කැන ගත්තේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.