චාඕ මල්ලි
Ciao Malli
Music: සනුක වික්‍රමසිංහ Lyrics: මනුරංග විජේසේකර
Font size:
මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම් බෝට්ටුවෙන් ඉතාලියට ආවේ මං දේශාංශය වෙනස් වුනේ එහෙදි දැන් සිඤ්ඤොරිනා උඹ හින්දා මැරුණා මං....... අනාත වූ වෙලේ කුණාටු සාගරේ කාසි නිසා අපි විඳෙව්වා ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොළයක් හෙව්වා පාර පුරා චාඕ මල්ලේ ගැම්මට ඉතාලි ආවා චාඕ මල්ලේ හංගන් ඉඳහිට ඇඬුවා චාඕ මල්ලේ අම්මව බලන්න යනවා චාඕ මල්ලේ....... භාෂාවත් පුරුදු වුණා තනියෙන් මං දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන් මිලානෝ වල ෂෝ තිබුණොත් යනවා මං සනුක එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං...... අනාත වූ වෙලේ...... සිඤ්ඤොරිනා ඔයා එක්ක බිව්වේ මාගරීටා මං ගමේ හිටිය කාලේ පැද්දේ හයර් එකට ආටා අපේ එහා ගෙදර නීටාගේ ඩෝටා තමයි රීටා මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා සල්ලි තරහා වෙලා මටම තිබිබා සැරට බූටා ඉතිං බෝට්ටුවට සල්ලි ගෙව්වේ උකස් කරලා ආටා මහ මුහුද මැද්දේ උයන් කෑවේ කරවල බං කට්ටා උඹ දන්නේ නෑ මං කාපු කට්ට මගේ සිඤ්ඤොරිනා...... අනාත වූ වෙලේ......
Singers
Data
Last updated May 2026