වහින්න මුතු වැස්සක්.
Wahinna Muthu Wassak
Music: රංග දසනායක
Font size:
විසිරුනු තරු පත් සිඳුනා හිම පිණි පවනක් සැලුනා තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉඟි ලැබුනා සිතුවිලි කළඹක් මැවිලා හද මුදු හැඟුමන් දැනිලා සැනසුමේ ඉන්නම් ළය මත හිස සතපා නෙතු දැල්වී ඇත්නම් මගෙ ලඟ නුඹ සැමදා වහින්න මුතු වැස්සක්// සිත පහන්ව ඉන්නේ පැතුම් ළංවෙලා සඟවා වහින්න මුතු වැස්සක්// හද වහන්ව ඉන්නේ සිතුම් ඉටුවෙලා නොදොඩා නෙතු කොනේ කඳුළු ඉනුවේ නැත මා පැතු ලෙසේ සුවඳ රැඳුනේ සදා හද ගැබේ නුඹට ඉඩ නැත්තේ දසන්තේ නුඹ මගේ සොඳුරු මතකේ රැඳුනා රුව මැවේ දොරක ක්ෂිතිජේ ඉම හා දුක හිතේ නුඹව නොලැබේ කියා හිත මගේ නුඹට පුද දුන්නේ වසන්තේ සඳ රැයේ හැඟුම පවනේ සැළුනා වහින්න මුතු වැස්සක්...