Home/Songs/දන්නවද මං දැන් තනිවෙලා

දන්නවද මං දැන් තනිවෙලා

Dannawada Man Dan Thaniwela

Music: ජගත් කරුණාජීව Lyrics: ජගත් කරුණාජීව
Font size:
දන්නවද මං දැන් තනිවෙලා
අවසාන සුසුමේ නැවතිලා
ඔබ දුන්න කඳුලේ දැවටිලා
මට මං පවා නැතිවෙලා
දන්නවද මං දැන් තනිවෙලා...

හිත රිදෙන්න ඔබ හඬන්න
හිත හැදෙන්න මට බනින්න
හිමි නොවන බව දන්නවා
හිත තාම ඔබ හොයනවා...

දන්නවද මං දැන් තනිවෙලා...

මට රිදෙන්න මං ඉඹින්න
මට දැනෙන්න ළඟ හිඳින්න
හිමි නොවන බව දන්නවා
හිත තාම ඔබ හොයනවා
(දන්නවද මං දැන් තනිවෙලා...//)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.