Font size:
ඈත දුරක සිටියත් මා හද නිරතුරු රැඳෙන්නියේ රෑ සිහිනෙන් මා ළඟ හිඳ උදෑසනින් මැකෙන්නියේ සිහිනෙන් ඇවිදින් නිරතුරු මා සනසා යන කුමරී හිතේ පිරෙන දුක නිරතුරු කියා ගන්න බැහැ කුමරී ළඟ ඉඳගෙන හිස අතගා කතා කියනවා කුමරී මගෙන් වෙන් වුනා ද කියා හිතාගන්න බැරි කුමරී ඈත දුරක සිටියත්.... තනි වෙන්නට නොදී උදේ හවා ළගින් සිටි කුමරී සිනිඳු අතින් මා අත ගෙන රැකවරණය පැතු කුමරී කියන්න බැරි ආදරයක් හද තුළ ගොනු කළ කුමරී මගේ නමින් රැඳී නොසිට පලා ගියේ ඇයි කුමරී ඈත දුරක සිටියත්....