නිහඬ අරණ දළු මල් පුපුදයි
Nihanda Arana Dalu Mal Pubudai
Font size:
නිහඬ අරණ දළු මල් පුපුදයි ආදරයේ සුන්දර සක්මන් හඬන ඇසට හසරැල් පළදයි ආදරයේ නිම්නැති අභිමන්...// සයුරෙහි දිය කඳ මත හිඳ අහසින් එන වැහි බිඳුවට පෙරුම් පුරන්නම් දැල්වෙන ඉර හඳ යට හිඳ පහනෙන් එන එළි තිතකට ඇළුම් කරන්නම් ඔබ තරුවක් සේ ජීවිතයට පායා ඒ නම් නිහඬ අරණ.../ නිල කඳු හිස ජය ගත් දින දෙව් ලොව දුර ඈතක බව වටහා ගන්නම් විල් දිය ඇහැරෙන කොඳ මල රතු ඇස් ඇති හිරු මඬලෙන් සඟවා ගන්නම් ඔබ කවියක් සේ ජීවිතයම පහදා දේ නම් නිහඬ අරණ.../
Singers
Data
Last updated May 2026