Home/Songs/තනිවෙලා ඉන්න

තනිවෙලා ඉන්න

Thani Wela Inna

Music: සඳරුවන් ජයසිංහ Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
තනිවෙලා ඉන්න මට කියාදෙන්න යළි හමුනොවෙනා නිසා
දුක දරාගන්න මට කියාදෙන්න යළි හමුනොවෙනා නිසා
දැවෙනවා මගේ ජීවිතේ තනි යහනට වීලා
විඳිනවා ඔබේ ආදරේ අන්සන්තක වීලා
හිත හදාගන්න විඳ දරාගන්න මේ දුක පපුවේ තියා.......

මාගේ සිහිනේ රෑ පුරා ඔබ දෙනෙතේ රැව මැවිලා
නෙත නිදි නෑ රූ සොයලා
දෑසේ පැටලී රෑ දිවා නුඹ සිටිනා විට බැඳිලා
දුක කීවා මුව කොඳුරා
දැවෙනවා මගේ ජීවිතේ තනි යහනට වීලා
විඳිනවා ඔබේ ආදරේ අන්සන්තක වීලා
හිත හදාගන්න විඳ දරාගන්න මේ දුක පපුවේ තියා.......

කාලේ ගෙවිලා මා දවා දුක දැනුනා හිත රිදිලා
පෙර ආ ගිය තැන් මැවිලා
ආයේ කිසිදා මා සොයා ඔබ නොඑනා බව දැනිලා
ඉකි බින්දා දුක සඟවා
දැවෙනවා මගේ ජීවිතේ තනි යහනට වීලා
විඳිනවා ඔබේ ආදරේ අන්සන්තක වීලා
හිත හදාගන්න විඳ දරාගන්න මේ දුක පපුවේ තියා.......

තනිවෙලා ඉන්න......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.