Home/Songs/හැඟුම් මල් වරුසා

හැඟුම් මල් වරුසා

Hangum Mal Warusa

Music: ගයාන් ගුණවර්ධන Lyrics: ප්‍රියනාත් විදානපතිරණ
Font size:
හැඟුම් මල් වරුසා රහසින් ඇද හැලුණා
ජීවිතේ අලුතින් ලියන්නට සිතුනා
දහසක් නෙත් අතරේ රුවක් නැවතුනු දා
ජීවිතේ අලුතින් විඳින්නට සිතුනා
සුපැතුම් මල් වරුසා සැබැවින් ඇද හැලුණා
දහසක් නෙත් අතරේ එක සිතින් නවතිනවා
ජීවිතේ අලුතින් ලියන්නට සිතුණා
ජීවිතේ අලුතින් විඳින්නට සිතුණා....

කඳුලු අහුරු මැදින් පිපෙනා සිනහා තරම්
සොඳුරු නෑ මට නම් පිපුණු මල් මනරම්
හිතක ලෙන්ගතුකම් නොවිඳිනා විලසින්
ඉහිලෙනා ඉහිලුම් සොඳුරු නෑ මට නම්....

පවස මැද මේ ගිම් අහස මම වෙන්නම්
හැඟුම් ළඟ නිම්හිම් මිදී මම ඉන්නම්
අදහන්න බැරි නම් හිතක මිදුණු පැතුම්
දියවෙන්න එහෙනම් වැස්සක් දෙන්නම්....

හැඟුම් මල් වරුසා....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.