Home/Songs/ජීවිතේ පැතුම් දිනන්න

ජීවිතේ පැතුම් දිනන්න

Jeewithe Pathum Dinanna

Music: මර්වින් පෙරේරා Lyrics: මර්වින් පෙරේරා
Font size:
ජීවිතේ පැතුම් දිනන්න වේදනා මුදා හරින්න
භාරගන්න වාසනාව දෑතින්
සීත නිල්  ගඟුල් වගේම වාලුකා තලා ද බොහොම
ඈතදීම හඳුනාගන්න දෑසින්
ආදරේ කියූ මුවින්ම වයිරයේ වදන් නැගේවි
ඒ තමා සැබෑ කතාව ලෝකේ
මන්දෝ ලතැවෙන්නේ
මන්දෝ වැලපෙන්නේ

රන් රුවන් වටේ - යෝධයින් වගේ
යාළුවෝද බෝම බෝ වෙතේ
වාසි හීන දා යාළුවෝ නැතේ
උන් කොහේ ගියාද දන්නේ නෑ

ජීවිතේ පැතුම් දිනන්න...

වේග වූ සුළං - නිවා කුඩා පහන්
අවුලවා හරීවි ලැවුගිනී
මාලිගා අරා - කුවේරයෝ රැඳේ
උන් තැනූ ඔවුන් නිදයි පැලේ

ජීවිතේ පැතුම් දිනන්න...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.