Font size:
සාගරය බඳු වේදනාවෝ සුන් වෙලා යනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ...// පෙරුම් පුරනා බෝසතුන්ටත් මාරසෙන් සිටියෝ ඉතින් එහෙනම් අපට නැතිවේද රුදුරු බාධාවෝ පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝ සතුන් සිතුවෝ ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්ක ගංගාවෝ සාගරය බදු... එදා කඳුලැල් මෙදා හසරැල් පැතුම් ඉටුවෙනවෝ පැතුම් හොඳනම් යනෙන ගමනේදී සිහින එලිවෙනවෝ මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ මිනිස් කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ සාගරය බදු...//