Home/Songs/හීන හතක් මැද

හීන හතක් මැද

Heena Hathak Mada

Font size:
හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි
හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි

නීල නුවන් ගැබ සෝක වලාවෝ
වේදනාව ගෙන හද අඹරෝරේ
ඈතින් පොර තෙරපී ඇඹරේ
දෑසෙ කඳුලු වැල් රූරා වැගිරේ

අකාලයේ වැසි දිය ඇද හැලිලා
සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා
වාසනාවෙ මල් අකලට මැරුණයි
ප්රේම ලෝක රන් මන්දිර කැඩුණයි

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.