Home/Songs/නෙතු සැලුනා

නෙතු සැලුනා

Nethu Saluna

Music: රොමේෂ් සුගතපාල Lyrics: බන්ධුල මුදන්නායක
Font size:
නෙතු සැලුනා කඳුලින් දැස තෙමී
ඔබ සිටියා කවුළුව ළඟටම වී
මඟතොටදී නොදුටුව විලස ඇදී
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී

(හුම්මානේ අප හමුවී
සන්තානේ තව රිදුනි
පෙරමඟ මා අද නැවතී
යලි එය සිහිකරමී...//)

මුවැත්තියක් ගුරුගෙට ආවා
හන්තානත් ඉඟිඹිඟි පෑවා
මල්පාරත් මට අත වැනුවා
සුන්දරවූ සැන්දැ ගෙවුනා

දුක සංකා නිවුනී
අප දෑතම බැඳුනී
මා ආදරේ ඔබටමයි

නෙතු සැලුනා කඳුලින්....		

හුම්මානේ අප හමු වී....

ගිම්හානේ අප හමුවී
සන්තානේ තව රිදුනි
පෙරමඟ මා අද නැවතී
යලි එය සිහිකරමී

වස්සානේ මහවැසි වැටුණා
දෙසුම්හලේ පාලුව දැනුනා
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා
සඳ නැතිවම දින සති ගෙවුණා

මැයි මල් පිපෙන තුරා
මහවැලි ගලන තුරා
මා නෙත් පියෙන තුරා

නෙතු සැලුනා කඳුලින්....
හුම්මානේ අප හමු වී....//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.