Font size:
අවසානේ ලං උනා වාගෙයි මගේ ජීවිතේ ඔබ ආයේ ලං වෙලා දුකමයි ඉතිරී උනේ මං වාගේ ආයෙ කවුරුත් හමු වෙන්නෑ වස්තුවේ මේ වාගේ ගින්දරක් දෙන්න ඔබ ඇයි ලං උනේ දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරේවී එදාට නුඹ හට මගේ මරණෙවත් දකින්න නැති වේවී දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරේවී එදාට නුඹ හට මගේ මරණෙවත් දකින්න නැති වේවී සංසාරේ කෙලවරට ඔබෙ අත අරන් යන්න මට හුඟක් පිං මදි උනා වෙන් වෙලා යන තැනට ඔබගේ වෙනස් වීම දරා ගන්නට බැරි උනා මං වාගෙ ආයෙ කවුරුත් හමු වෙන්නෑ වස්තුවේ මේ වාගෙ ගින්දරක් දෙන්න ඔබ ඇයි ලං උනේ දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරේවී එදාට නුඹ හට මගේ මරණෙවත් දකින්න නැති වේවී උඩ ඉන්න දෙවියන්ට බාරයි මගේ සතුට මියදෙන්න කලියෙන් මෙමා යන්නම් ඔබෙන් දුරට සුභ පතමි මා ඔබට සතුටින්ම ඉන්නට කියා මං වාගෙ ආයෙ කවුරුත් හමු වෙන්නෑ වස්තුවේ මේ වාගේ ගින්දරක් දෙන්න ඔබ ඇයි ලං උනේ අවසානේ ලං උනා වාගෙයි මගේ ජීවිතේ ඔබ ආයේ ලං වෙලා දුකමයි ඉතිරී උනේ මං වාගේ ආයෙ කවුරුත් හමු වෙන්නෑ වස්තුවේ මේ වාගේ ගින්දරක් දෙන්න ඔබ ඇයි ලං උනේ
Singers
Data
Last updated May 2026