Home/Songs/සපිරිවර මැතින් මන්

සපිරිවර මැතින් මන්

Sapiriwara Methin Man

Music: රන්ජිත් බාලසුරිය
Font size:
උපුටාගැනිම: ගංගා රෝහණ වර්ණනාව 

සපිරිවර මැතින් මන් බුන් රිපුන් යෝ බ‍ලන්සෙව්
යසසිරි සැපතින් යුත් සේ දනන්ගේ නිවෙස් යුත්
වෙළඳ විදු දනන් සල්පිල් අවන්හල් පෙළින් යුත්
පවර පුරවරෙක් වී මාතොටැ‍යි දෙව්පුරෙක් වන්...

සසර සරණ සව්සත් දම් අමාවෙන් සතොස්වා
සඟ ප‍ව‍ග‍ සැපත් දුන් දම් රදුන් දම් සඟුන් සෙව්
පෙර මැ‍දග වනින් මේ තුන් ගෙනේ මුල් කෙ‍මෙ‍න්‍ න‍ම්
පතල මැති සඳෙක් වී මේ පුරේ කිත් දදෙක් වන්...

ඕ‍... ඕ‍... ඕ‍...

න‍න්‍ කම් යු‍ත්‍ නි‍ලු‍පු‍ල්‍ ද‍මි‍න්‍ හෙ‍ලැ‍ඹු‍ලෙ‍න්‍
ර‍ත්‍ නෙලුම් ද‍මි‍න්‍ හෙ‍ල්‍ මැ‍ල්ලෙන්‍
ස‍පු‍ ම‍ල්‍ ද‍මි‍න්‍ සු‍ම‍න‍ පැන් පෙලින් තේ කඩින්...

ඕ‍ඕ‍ඕ‍ඕ‍ඕ‍...///

සි‍ව්රැස් සි‍ව්දිග‍ සිව්දොරින්
රියතුරින් රන් රිදීකමින්
සිව්කොන් දුහුලින් සුලාක්කනින්
රන් රිදී මලින් නන්කම් යුත් නිලුපුල් දමින්
හෙලැඹුලෙන් රත් නෙලුම් දමින්...

සාදා රන් කුඹූ බොල් මලින්
සුදු නිමල් රත් නිල් වැරැල්ලෙන් සරා
සිත් කල් දෙව් විම දෙව් සරා
ලොවැ දුරා දානන් වඩා සිත් බැතින්...

සව් සත් දුක් මුහුදෙන් නගාලන
නැවක් මෙන් ලෝ පසස් නා නිතින්
ඒ දානේ මෙලෙසින් කලේ ගඟට පත් සිත් සේ
පුදමින් යළිත්...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.