Font size:
පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උල ලේනෝ උල ලේනෝ සීත සුළං හිරිකඩයි කැලේ අපට උරුමේ උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උල ලේනෝ... උල ලේනෝ... ඉහිරුණ කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ උල ලේනෝ... උල ලේනෝ... සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේ නිවනට ගියදා මේ හැම දුක් නැතිවන්නේ උල ලේනෝ... උල ලේනෝ..
Singers
Data
Last updated May 2026