විසිරුණු මල්පෙති.
Wisirunu Malpethi
Music: රෝහණ වීරසිංහ Lyrics: බන්දුල නානායක්කාරවසම්
Font size:
විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරි ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී.. සරදම් නොකරමි ආදරයෙන් කියමී විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී.. // වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ බඳට පියාපත් යුවලක් ලැබුනත් අහස දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ.. විසිරුණු මල්පෙති... / බඹරුන් පසුපස මල් දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින් නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ.. විසිරුණු මල්පෙති... /