Home/Songs/දඟපාන සමනල්ලු

දඟපාන සමනල්ලු

Dagapana Samanallu

Font size:
දඟපාන සමනල්ලු රෑනට ‍වෙලා සරදම් සිනා මට ‍හෙලා
ඔය පාන ‍බොරු මාය‍මෙන් රැවටිලා හිත ආද‍රෙන් සැලෙනවා
යන පාර හැමදාම මඟ අහුරලා මනමාලකම් පානවා
‍මොනවාට එනවාද ලං ලං ‍වෙලා ම‍‍ගෙ හිතට දැන් දැ‍නෙනවා

නැතුවාද හිත කී‍වේ කිති කව කවො
තනි‍වෙන්න අපි ‍දෙන්නා ‍මො‍හොතක් ‍වෙලා
මා ඇන්ද සත් පාට ‍දේදුනු කතා
‍බොඳවේවි දෙකපුල් පුරා හිනැ‍හෙන්න එන්‍‍නේ බලා

දඟපාන සමනල්ලු රෑනට ‍වෙලා සරදම් සිනා මට ‍හෙලා
‍මොනවාට එනවාද ලං ලං ‍වෙලා ම‍‍ගෙ හිතට දැන් දැ‍නෙනවා

හිතුවාට තනි හිතට ඔය ඇති කතා
‍‍නොදැනේද ඒ හිතට බරවැඩි නිසා
‍නොකියාම පැතු හීන හංගා තියා
වියැ‍කේද ‍දෙහදක් කතා ආදර ‍පො‍තේ පිටු පුරා

දඟපාන සමනල්ලු ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.