Home/Songs/සඳ නැත බැබලෙන්න

සඳ නැත බැබලෙන්න

Sanda Natha Babalenna

Font size:
සඳ නැත බැබලෙන්න - නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ - ඔබනෙත් හැර හිනැහෙන්න
උපුල් නුවන් එළියේ -  අරුමැසි සැනකෙළියේ
මම සැරිසරමි සදා - ප්‍රිය සනහස් සිලි සිලියේ
සඳ නැත බැබලෙන්න.....

චංචල තිමිරි ලොවේ - පහන් එළිය ඔබ වේ 
චංචල තිමිරි ලොවේ - පහන් එළිය ඔබ වේ 
දෙනයන කැළුම් වැදී - මගේ මුළු විජිතය හෙළිවේ 

සඳ නැත බැබලෙන්න - නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ - ඔබනෙත් හැර හිනැහෙන්න

ඔබ මගේ සුදෙහිනි - ඔබ මගේ සුබාශිනි 
ඔබ මගේ සුදෙහිනි - ඔබ මගේ සුබාශිනි 
ඔබ මගේ සජිවනි - ඔව් ඔබ මගේ සුබාශිනි 

සඳ නැත බැබලෙන්න .../

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.