Home/Songs/නිල් මහනෙල්

නිල් මහනෙල්

Nil Mahanel

Music: රෝහණ වීරසිංහ Lyrics: සුනිල් R ගමගේ
Font size:
නිල් මහනෙල් අතින් ගත්
රන්වතිය නුඹ දිටී නම්
හැබැහින් නුඹ පෙම් බඳින්නේ - ඇයටද - මටද
නුඹ පෙම් බඳින්නේ - ඇයටද - මටද

පවර එනුවර කැටපත් පවුර
නොලියූ ගීයක් නඟන රන්සර
තිසර යහනට සඳ එළිය අවුදින්
වසත් කළ විමසයි
නුඹට මා තව ගැහැණියක පමණයි

මහුල මහනෙල ගිවිස මඳහස
කසුබ් පෙරමග දිවූ ඈ ඇස
තඩාගේ පෙම් මල් පිපුණු සුවඳින්
වසත් කළ විමසයි
නුඹට මා සිත නොරිදවා බැරි වෙයි
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.