Home/Songs/දෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නා

දෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නා

Dewre Dilena Soda Muthu Mala Paladanna

Music: රෝහණ වීරසිංහ Lyrics: ආනන්ද හෙවරන්හිදගේ
Font size:
දෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නා
දෙකනේ ලෙලෙනා රන් මිණි තෝඩු දවටන්නා
හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා
දෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නා

සමනොළ මලුවේ රන් වැලි වෙහෙරේ
මුදුනත සේම මට දැනෙනා
සොබනිගෙ සෙනෙහේ ගෙපැලට වඩනා
සුභ හෝරාව ලං වෙනවා
යමු රජුනේ පමා වෙනවා ....

හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා

ගොම මැටි ඇතිරූ තනි කඩ ගෙපැලේ
සිරි ලිය සේම ඈ හිදුවා
ගම්මානෙ පුරා කල එළි කරවා
මම හත් දා මගුල් කනවා
මේ පිං උඔට පිහිටනවා ....

දෙව්රේ දිලෙනා ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.