කඳුළු බිංදුව (මටම පෙම් කර)
Kandulu Binduwa (Matama Pem Kara)
Font size:
මටම පෙම් කර නෙතග නිවසන සද නොසිඳෙන සුනිල උල්පත කඳුළු බිංදුව..// සමනලිය නෙත ලැගුම් ගෙන හුන් නුඹව පළවා හැරිය දා මං උන්හිටිය තැන් අහිමි වීමෙන් උන්හිටිය තැන් අහිමි වීමෙන් ම වෙත වෙර බැඳ පිටව ගිය නුඹ කඳුළු බිංදුව.. මටම පෙම් කර.. නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය මගේ විජිතෙන් වහන් වුණු සඳ කොහේදෝ හිඳ ජීවතුන් මැද කොහේදෝ හිඳ ජීවතුන් මැද ම වෙත පෙම් බැඳ පැමිණි සකි සඳ කඳුළු බිංදුව.. මටම පෙම් කර..//
Singers
Data
Last updated May 2026