Home/Songs/ගමට යමුද ගම බලන්න

ගමට යමුද ගම බලන්න

Gamata Yamuda Gama Balanna

Font size:
ගමට යමුද ගම බලන්න 
ඇලක දොළක කිමිද එන්න
කුරුළු ගීතයක් අහන්න 
ගමට යමුද ගම බලන්න...//

විස දුම් අහසට නගනා මහ රිය පෙළ නෑ
දුවිලි දසතෙයි මවනා කර සුළගක් නෑ...//
ගුරු පාරේ ඇල් පවනේ ගම්මානේ
ගම්මානේ ආදරයත් මිහිරත් අද නෑ

නිල්වන් වූ කෙත මැද සිට වූ පඹයෙකු දැකලා
රන් කරලක් ළඟ සිටි ගිරවෙකු සිල් බිදුණා//
කදු රෑනේ වන තීරේ ගම්මානේ
ගම්මානේ ආදරයත් මිහිරත් අද නෑ....

ගමට යමුද...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.