Home/Songs/ආදරේ නාමයෙන් මා රවටලා ඔයා

ආදරේ නාමයෙන් මා රවටලා ඔයා

Adare Namayen Ma Rawatala Oya

Music: චතුරංග වර්ණසේකර Lyrics: සත්සර කසුන් පතිරණ
Font size:
ආදරේ නාමයෙන් මා රවටලා ඔයා
වෙන්වෙලා ගියේ ඇයි මා තනිකරලා
පෙම් කලේ මට වඩා ඔබ ඔහුට ළං වෙලා
හඬවලා යන්නදෝ මා නැතිකරලා ... මා නැතිකරලා 

ජීවිතේ මගේ ඔබම හින්දා පෙම් කලා මුළු හදින් මං
වැරදි කරලා ඔයා රහසින් රැවටුනේ හැමදාම මං
දුක මගේමයි ඔහු ඔබේමයි මං පිළිගන්නම් ... මං පිළිගන්නම්

ආදරේ මගේ අහිමි කරලා හදවතම පෑරිලා දැන්
මටම කියාලා වෙන කෙනෙක් ගැන හිතන්නටවත් බැහැනේ දැන්
දුක මගේමයි ඔහු ඔබේමයි මං සමුගන්නම් ... මං සමුගන්නම්

ආදරේ නාමයෙන් ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.