Home/Songs/බිමට පතිත වියළි කොලය ගසට එපාවී

බිමට පතිත වියළි කොලය ගසට එපාවී

Bimata Pathitha Viyali Kolaya Gasata Epa Wee

Music: නවරත්න ගමගේ Lyrics: සුනේත්‍රා ගනේවත්ත
Font size:
බිමට පතිත වියළි කොලය ගසට එපාවී
මහ පොළවට බරක් නොවී දරාගනු බැරී
මට මේ ටික වැඩියි කියා ගඟට එපාවී
මහ මුහුදට හෙලන ජලය එයට වැඩි නොවේ 

රැගෙන ගොසින් ගඟේ ජලය හිරුට එපාවී
මහ වැසි ලෙස යළි එව්වද පොළව පිළිගනී
වෙරළ මඳක් වැළඳ ගන්න සිතා හැපෙමිනී
ගිය රළ පෙළ නැවතත් ආවද සයුර පිළිගනී

බිමට පතිත 

සුළි සුළඟක් ලෙස හැමුවද ලොවට නපුරු වී
මුදු පවනක් වී ආ විට තුටින් පිළිගනී
නුඹ මා හැර යනමුදු අද සැහැසි විලසිනී
වැරදී ආපසු ආවොත් මසිත ඉඩ හිමී //

බිමට පතිත 
මහ මුහුදට හෙලන ජලය එයට වැඩි නොවේ  ////
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.