ආදර සැමරුම්
Adara Samarum
Music: සනත් නන්දසිරි Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
(ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුලින් මුතු පබුළින් නිමා කළෙමි සිහිවටනය යමුනා තිරේ - යමුනා තිරේ...//) එවන් නිමල මැඳුර බලා වඩින්න දේවියේ මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ (දහසක් මිණි මල් ලියකම් - පෙම පිදුවූ රන් කැටයම්...//) යමුනාවේ තරඟ මතින් මට පිළිඹිඹු වේවා චමත්කාර අතීත සඳු යළිත් ජනිත වේවා ආදර සැමරුම් කැටි වූ.... (අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළුෑ කඳුලු ගලා....//) මැදුරත කිරි ගරුඬ පවුරු පබා කැළුම් දේවා සනාතනවූ පෙම් සටහන් එහි සිතුවම් වේවා (ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුලින් මුතු පබුළින් නිමා කළෙමි සිහිවටනය යමුනා තිරේ - යමුනා තිරේ...//) එවන් නිමල මැඳුර බලා වඩින්න දේවියේ හෙට දින මා එනතුරු එහි නිදන්න දේවියේ ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුලින් මුතු පබුළින් නිමා කළෙමි සිහිවටනය යමුනා තිරේ - යමුනා තිරේ යමුනා තිරේ - යමුනා තිරේ