Home/Songs/ඔමරි කරම බස් දෙන්ඩ දනිමි

ඔමරි කරම බස් දෙන්ඩ දනිමි

Omari Karama Bas Denda Danimi (Bahubuthaya)

Font size:
ඔමරි කරම බස් දෙන්ඩ දනිමි
රජ කුමරි උනත් කුල්මත් වන මෙන්.....//
සුමිරි  මෙමගේ කටහඬ පමණින්
කොයි හැතිරි වුණත් මන දේ විගසින්....//

තුටන් කරන්නට දැන සැවොමා
යස නැටුම් නටන්නට දනිමි මෙමා...//
රටින් තොටින් එන දන සැවොමා
අපේ නැටුම් බලා යති වී අරුමා.....//

පුල්ලි බාන දක්කන්ඩ දනිමි
අපි සල්ලි ගහන්ටත් බොහොම සපන්....//
ලොල් වී සුරා රා බී තයිලන්
කට පල් වී ගියේ සුළං අදිමින්....//

සෙල්ලන් තමයි පෙනෙන්නට සරී
තව ලෙල්ලන් වෙතොත් ඉවසන්ඩ බැරි...//
බල්ලන් බුරා ආවත් සිත දහිරී
අද කොල්ලන්ගෙනුයි බේරෙන්ඩ බැරි....//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.