Font size:
රහසින් රහසින් පෙම් කරන්නේ කාටදෝ දෑසින් මොනවාද මට පවසන්නෙ කියන්නකෝ හමු වී කිසිවක් නොදොඩා යන්නේ ඇයිදෝ ආදරෙයි නම් ආදරෙයි නම් ආදරේ නොකියන්නේ ඇයිදෝ // හමුවන හැමවිට නෙතගින් කතා කරයි දොතොලින් සිනා නොවී සිනා සලයි මගෙ හිත හැම විට ඔබ ළඟ චංචලයි ඔයා නොකිව්වත් ඔයා ට මං හරි ආදරෙයි ඔයා නොකිව්වත් ඔයා නොකිව්වත් මං හරි ආදරෙයි // රහසින් රහසින් පෙම් කරන්නේ කාටදෝ සිහිනෙන් ඇවිදින් මා හා ඔයා හිදී ආදර හැඟුමන් මා සිත වෙලා ගනී මගෙ සිත ළඟ නෑ ඒ සිත ඔයා ළඟයි ඔයා නොකිව්වත් ඔයා ට මං හරි ආදරෙයි ඔයා නොකිව්වත් ඔයා නොකිව්වත් මං හරි ආදරෙයි //
Singers
Data
Last updated May 2026