ආලේ මල්
Aaley Mal
Music: දිල්ශාන් L සිල්වා Lyrics: ලසිත ජයනෙත්ති ආරච්චිගේ
Font size:
සංසාරේ මා හද ගැස්ම සොයන්නම වාගේ ආ, ආවා ශෘංගාරේ පෑ හිත හීන මවන්නම් රහසේ පා, පායා ආලේ මල් පිපුණිද මේ දවල් අත අල්ලාගෙන ආවේ ඔයාදෝ හාද වෙලා පියඹාලා සුළං රැල් අතර මගේ අසලින් හිඳින්කෝ ඔයාදෝ... ආඩම්බරේ මා අම්බරේ තරුවක් වගේ ඉන්නම් හැන්දෑකරේ අන්ධකාරේ හැංගී හිනා වෙන්නම් ඒ හීනය නතුකර ඔබගේ පාමුල තියා මා ඔබ සතු වන්නට නොඉඳුල් හිත පේවිලා සැබැවින් රන් නොපලන්දා ප්‍රේමය නම් අත් වින්දා මේ ආශා දැහැනේ නිද්රාගත වෙම් මා ආලේ මල් පිපුණිද මේ දවල් අත අල්ලාගෙන ආවේ ඔයාදෝ හාද වෙලා පියඹාලා සුළං රැල් අතර මගේ අසලින් හිඳින්කෝ සගමප ග--රි සගමනි ප--ම සගමප ගරිසනි ස--- ඔයාදෝ ආලේ මල් අත අල්ලාගෙන ආවේ ඔයාදෝ හාද වෙලා පියඹාලා සුළං රැල් අතර මගේ අසලින් හිඳින්කෝ ආලේ මල් පිපුණිද මේ දවල් අත අල්ලාගෙන ආවේ ඔයාදෝ හාද වෙලා පියඹාලා සුළං රැල් අතර මගේ අසලින් හිඳින්කෝ