මතක අමතකයිලු
Mathaka Amathakailu
Music: ප්‍රගීත් පෙරේරා Lyrics: හර්ෂණ කේ පෙරේරා
Font size:
මතක අමතකයිලු ඔව් ඒ හිතට එකඟයිලු මාව දන්නේ නෑලූ දැකලා වාගේ පුරුදුයිලු දන්නැති කමට ලංවී රත්තරන් මම ඔබට පෙම් කලේ ඉස්තරම් පවු කරලා වැඩක් නෑ සිල් අරන් මම යන්නම යන්නම් සමු අරන් (ඔබ හින්දා වැටුනු අපරාදෙ කඳුලු පසු තැවෙන තැනට වැටුනා මං මම හීන දැකපු හැමදාම පෙනුනු සුදු මූන ඔබගෙ රත්තරං...//) අමතකයි නම් පෙම් කෙරුවා මං ලෝකෙට මොනවාද කියන්නේ කිසිම වරදක් නොකෙරූ ලෙස දැන් ඔබ කොහොමද ජීවත් වෙන්නේ දන්නැති කමට ලංවී.... ඔබ හින්දා වැටුනු අපරාදෙ....// ඔබට පිං දැන් හොඳ වැඩියි මං කවදා හරි තේරුම් යයිනේ මා එපා නම් යන්න පුළුවන් මොනවාද බලාගෙන ඉන්නේ දන්නැති කමට ලංවී.... මතක අමතකයිලු.... දන්නැති කමට ලංවී.... ඔබ හින්දා වැටුනු අපරාදෙ....//