Home/Songs/ලබන්නට වාසනාවක් (ආත්ම ගාණක්)

ලබන්නට වාසනාවක් (ආත්ම ගාණක්)

Labannata Wasanawak (Athma Ganak)

Music: හෂාන් තිළිණ Lyrics: ප්‍රසන්න කුමාර ධම්මලගේ
Font size:
ඇසිපියවිල්ලක් ගානේ
මැවුණා ඔය රූපේ රිදෙනා හිත ආයේ පාරා
ඔබ රැවටිල්ලක් දෛවේ 
කියලා නෑ හිතුනේ මට නම් රත්තරනේ කිසිදා
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ...

(ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත්
තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගාණක්...//)

ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ
මං ගැනම වද වෙච්ච ඒ කාලයේ
නොවෙනස්ව එකසේම ළඟ උන් මගේ
අඩු වූයේ ඇයි ඔබට තිබූ ඒ අගේ
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ...
(ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත්
තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගාණක්...//)

නැතුවාට දැකගන්න ඉස්සර වගේ
මග බලනවා තාම හුරුවට හිතේ
සිහිවෙද්දී හැමදාම මතකේ අපේ
එළිවෙන්නෙ රෑ වෙන්නේ හිත ගින්දරේ
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ...
(ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත්
තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගාණක්...//)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.