Font size:
සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා..// සැන්දෑ අහසේ... ඈත අතීතෙන් පියවර නඟමින් කණවැල අල්ලන් කවුදෝ එනවා.. බලාපොරොත්තුව ලයට තුරුල් වී ඈ එන පෙර මඟ බලා සිටිනවා.. සැන්දෑ අහසේ... දුකට මිහිර දෙන පාලුව තනිකම මා වට දැවටී කඳුළු සලනවා.. අදත් එදා මෙන් නුපුරුදු සුවඳක් ඒ අතරේ මා වෙතට ඇදෙනවා.. සැන්දෑ අහසේ...
Singers
Data
Last updated May 2026